Colombo Today Local News

තැපැල් ඡන්ද සලකුණු කිරීම අද ඇරඹේ – රාජාංගණයේ තැපැල් ඡන්ද විමසීම කල් දමයි

පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (13) ආරම්භ වෙයි.

ඒ අනුව අද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල කාර්යය මණ්ඩලය සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කාර්යය මණ්ඩලය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල දි අද පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා දී තිබේ.

සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම, මුඛ ආවරණ පැලදීම සහ දෑත් විෂබීජහරණය කිරීම යනාදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඡන්ද දායකයින් විසින් අනුගමනය කළ යුතුයි.

තවද ඡන්දය සලකුණු කිරීම සදහා නිල් හෝ කළු පෑනක් රැගෙන ඒම සුදුසු වන බව ද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

මීට අමතරව හෙට සිට ලබන 21 වන දින දක්වා සතියේ දින තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

රාජ්‍ය ආයතන සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 සහ 15 යන දෙදින තුළ සිදුකිරීමට නියමිතය.

ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට ලබන 16 සහ 17 යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවේ.

නොවැලැක්විය හැකි හේතුවක් මත ලබා දී ඇති නියමිත දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට 20 සහ 21 යන දිනවල අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී ඊට අදාළ පහසුකම් සලසා ගත හැකි වේ.

මේ අතර පවතින කොවිඩ් නයින්ටීන් අවධානම සැළකිල්ලට ගනිමින් රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් තැපැල් ඡන්ද විමසීම කල් දැමීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම් වන්නිනායක මහතා සදහන් කළේය.

Related posts

සම්බුදු සිරිපා සටහනක් පාකිස්ථානයේත්

colombotoday

“චැනල් 4 වීඩියෝව ඇත්තක්” මංගල සමරවීර ශ්‍රී ලංකා හමුදාව යලිත් පාවා දෙයි

colombotoday

පැණි වරකා ගහට හෙණ ගැහුවා වගේ, ඒකාබද්දේ අය දැන් කුලල් කාගන්නවා.. 2020 අපි ආණ්ඩුවක් හදනවා

colombotoday

පාසල් අවට අහිතකර දේ ඉවත් කරන්න වැඩබලන පොලිස්පතිගෙන් නියෝග

Admin

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday

යාපනේට සිංහල වානා.. සිංහල ජනතාවට නිකුත් කළ අනන්‍යතා පතේ සිංහල වචනයක්වත් නෑ !

colombotoday