Colombo Today Local News

පැණි වරකා ගහට හෙණ ගැහුවා වගේ, ඒකාබද්දේ අය දැන් කුලල් කාගන්නවා.. 2020 අපි ආණ්ඩුවක් හදනවා

පැණිවරකා ගහටත් හෙණ ගහන්නා සේ අද පොහොට්ටු පක්ෂයේ අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, නොබෝදා පාර්ලිමේන්තුවේදී පැවැති නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය විමසීම් අවස්ථාවේ පොදුජන පෙරමුණේ වත්මන් අභ්‍යන්තර අර්බුදය සමාජය ඉදිරියේ නිරාවණය වූ බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

එජාපය තුළ පැවැති සියලු අර්බුද, ගැටලුකාරී තත්ත්වයන් හා සියලු බෙදීම් නිවැරදි කොට ගෙන සියලු දෙනා එක්සත්ව එක්සිත්ව එකම පක්ෂයක් ලෙසින් 2020දී තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවා ජනතා අපේක්ෂා ඉටු කිරීමේ අරමුණ සහිත මැතිවරණ සටනට මේ වන විටත් පක්ෂය අවතීර්ණ වී අවසන් බවද අමාත්‍යවරයා සඳහන් කළේ පසුගියදා හිරියාල එජාප කාර්යාලයේදී පැවැති රැස්වීමකට සහභාගි වෙමිනි.

දේශපාලන හේතූන් මත පසුගිය ආණ්ඩු සමයේදී ලක්ෂ 2ක පමණ පිරිසකට අහිමිවූ සමෘද්ධි දීමනාව කඩිනමින් ලබාදීමට රජය පියවර ගන්නා බව එහිදී සඳහන් කළ අමාත්‍යවරයා ඊට සමගාමීව සමෘද්ධිය ආශි්‍රත රැකියා ලබාදීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළේය.

Related posts

දකුණේ හා බස්නාහිර කුළී මිනීමරුවන් මඩින්න පොලිස් ඇමතිගෙන් උපදෙස්

Admin

බොර තෙල් මිල පහළ යයි

Admin

සුනිල් ජයවර්ධන ඝාතනය කලේ ආණ්ඩුවේ වරදින්- සජිත්

colombotoday

ආදාහනය කළ බිළිඳු සිරුර ගැන පෙත්සම් සළකා බැලීමට විනිසුරු අකමැතියි.

colombotoday

මන්නාරමෙන් වළදමා තිබූ මත් කරල් 24,000ක් මාට්ටු

Admin

බලලෝභී නායකයන් ගෙදර ගිහින් ශ්‍රීලනිපය තරුණයන්ට බාරදිය යුතුයි.

colombotoday