උතුරු ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත්වූ පිරිස 60345ක් දක්වා වැඩි වී තිබේ.
විපතට පත් වැසියන්ගෙන් පවුල් 3291 කට අයත් පුද්ගලයින් 10,332 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 34 ක රඳවා සිටින බවටද ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ත්‍රිවිධ හමුදාව විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් සිදු කරමින් සිටින අතර සහන කටයුතුද ක්‍රියාත්මක කර ඇත.