World

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!

Calais-Jungle-migrant-camp-fire-619361ප්‍රංශයේ පැරිස් නුවරදී අද එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාළාවෙන් පසුව බ්‍රිතාන්‍යයට සමීප ප්‍රංශයේ උතුරුදිග වෙරළේ පිහිටි Calais වරාය නගරය අසල වනාන්තර ප්‍රෙද්ශයේ පිහිටි අනවසර ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වර්තා සදහන් කරයි.

Calais හී මෙම අනවසර කදවුරුවල 6000කට වැඩි පිරිසක් රැදී සිටින බවත් බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වීම සදහා එම පිරිස එහි රැදී සිට ඇති බවත් වාර්තා වේ. මේ වන විට එම ප්‍ර දේශයේ දැඩි ගැටුම්කාරී තත්වයක් හටගෙන ඇති අතර මෙම අනවසර සංක්‍රමණිකයන් පාලනය කිරීමට එරට රජය ක්‍රියා නොකළ බවත් එහි වැසියන් චෝදනා කරයි.

ඉස්ලාමීය අන්තවාදීන් විසින් ප්‍රංශය ආපස්සට ඇදගෙන යමින් සිටින බවත් මෙම අනවසර සංක්‍රමණික අවදානම ඉදිරියේදී ගරිල්ලා යුධ තත්වයක් දක්වා වර්ධනය විය හැකි බවත් එහි වෙසෙන ප්‍රංශ ජාතිකයන් ප්‍රකාශ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා දක්වනවා.

එමෙන්ම ප්‍රහාරයට සහභාගී වූ ත්‍රස්තවාදීන් “අල්ලාහ් අක්බර්” කියමින් කෑ ගසා ඇති බව පවසන විදෙස් මාධ්‍ය අදාල ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙන බවද වාර්තා කර තිබේ. ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදියෙකුගේ මළ සිරුර අසල තිබූ සිරියානු ගමන් බපත්‍රයක් හමුවී ඇති බවද වාර්තා වෙනවා.

ප්‍රංශය යුරෝපයේ වැඩිම ඉස්ලාමීය ජනගහනයක් වෙසෙන රට බව සදහන් වෙනවා. එම ප්‍රමාණය මිලියන 4.7 ක් බවයි පැවසෙන්නේ.  ස්වදේශික ප්‍රංශ ජාතිකයන්ට වඩා ඉස්ලාම් ජනගහන ව්‍යාප්තික වේගයේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර එම පිරිස සාමකාමී ප්‍රංශයේ මෙන්ම යුරෝපයේ ද අනාගත ඉරණම තීරණය කරනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

Related posts

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

Admin

ඉන්දියාවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 11ක් මරුට

Admin

ඉන්දියාවෙන් චීනයට පණිවුඩයක් | කිලෝමීටර් 5,000ක් දුර ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකි මිසයිලයක් අත්හදා බලයි

colombotoday

අමෙරිකාවේ චීන තානාපති කුයි ටියැන්කායි ධුරයෙන් ඉවත් වෙයි

colombotoday

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

colombotoday

2050 වසර වන විට මුස්ලිම් ජනගහනය මිලියන 76කින් ඉහළට !

colombotoday