Colombo Today Local News

ත්‍රස්තවාදී ක්‍රියා සහ මුහුණු ආවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනයක් නිකුත් වේ

යම් තැනැත්තෙකු, කණ්ඩායමක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ නිශ්චිතව දක්වනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවක් සාක්ෂාත් කර ගැනීම උදෙසා වෙනත් යම් ක්‍රියාකාරකමක නිරත නොවිය යුතු අතර මේ නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියාකරන ඒ යම් තැනැත්තකු හෝ තැනැත්තන් කණ්ඩායමක් වරදකට වරදකරු වන අතර මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලබූ විට වසර දහයකට නොඅඩු සහ වසර විස්සකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් විය යුතුය යනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර කිසිම තැනැත්තෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයක දී ඒ තැනැත්තාගේ හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි පරිදි ඒ තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවාලනු ලබන යම් ඇඟලුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය යුතුය යනුවෙන්ද විස්තරාත්මක අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

“සම්පූර්ණ මුහුණ” යන යෙදුමේ අර්ථ නිරූපනය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපනය ආදේශ කිරීමෙන්, “සම්පූර්ණ මුහුණ” යන්නෙන් නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වා ද දෙකන් අතරද (එහෙත් දෙකන් නො ඇතුළත්ව) යම් තැනැත්තෙකුගේ මුහුණ අදහස් වේ යනුවෙන් දක්වා තිබෙනවා

Related posts

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

මංගලගේ බියර් බදු සහනයට ජනපති පාර්ලිමේන්තුවේදී විරෝධය දක්වයි !

colombotoday

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

Admin

යුද හමුදාපතිට උසාවියේ පෙනී සිටින්නැයි නොතීසි !

colombotoday

මත්පැන් ඔන්ලයින් අලෙවි කිරීමේ ඉල්ලීම කොවිඩ් කමිටුව කුණු කූඩයට දමයි

colombotoday

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday