Colombo Today Local News

තවත් වොක්ස්වැගන් පන්නයේ බොරුවක් මාට්ටුයි… ඕමාන් රජයෙන් නිවේදනයක්…

හම්බන්තොට වරාය අශ්‍රිතව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම සදහා ඕමාන් රජය සමග එකගතාවකට පැමිණි බව ශ්‍රී ලංකා රජයේ අමාත්‍යවරයකු කළ ප්‍රකාශය ඕමාන් රජය විසින් ප්‍රතික්ශේප කර තිබෙනවා.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලින් බන්ඩාර මහතා කියා සිටියේ හම්බන්තොට වරාය ආශ‍්‍රිතව ඉදිකිරීමට යෝජිත මෙම ඉන්ධන පිරිපහදුව සඳහා වන ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වටිනාකම අමරිකානු ඩොලර් බිලියන 3.85 ක් බවත් එය සිංගප්පූරුවේ ආයෝජන මත ඉන්දියාවේ වාහන නිෂ්පාදන සමාගමක් සහ ඕමාන රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් බවයි.

කෙසේ වෙතත් මේ ප්‍රකාශය පිළීබදව නිවේදනයක් නිකුත් කරමින් ඕමාන් ඛණිජ තෙල් අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ එවැනි එකගතාවක් පිළිබදව තම රජය දැනුවත්ව නැති බවයි.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

colombotoday

පානදුර කාන්තා බූරු පිටියක් වටලයි. | පොලීසියෙන් මිදී පැනයාමටත් උත්සාහ කරලා

colombotoday

“ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කර ගන්න සල්ලි දීලා අරන් ගිය බෝම්බයක් වෙලා”

colombotoday

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday

චීන ජාතිකයන් ගැන ලංකාවේ ඇතැම් අයගේ ක්‍රියාකලාපය පිළිබදව චීන තානාපති කණගාටුව පලකරයි !

colombotoday