Colombo Today Local News

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33ක් හඳුනා ගනී

තවත් දූෂිත බන්ධනාගාර නිලධාරීන් 33 කට ආසන්න පිරිසක් හදුනා ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් වැඩිම පිරිසක් සිටින්නේ කොළඹ බන්ධනාගාර ආශි‍්‍රතවයි. ඒ නිලධාරීන් 15දෙනෙකු ය.

වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාරවල එම නිලධාරීන් රාජකාරී සිදුකරන බව බන්ධනාගාර ආරංචි පවසයි.

ඔවුන් රැදවියන් සමග සබදතා පැවැත්වීම සහ නව බන්ධනාගාර පරිපාලනයට සහය නොදැක්වීම යන චෝදනාවලට අයත් අය බවටයි හදුනා ගෙන ඇත්තේ.

තවත් දූෂිත නිලධාරීන් 8 දෙනෙකු හදුනා ගෙන ඇත්තේ මීගමුව බන්ධනාගාරයෙන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර බූස්ස බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකුද නීතිවිරෝධි කටයුතුවල නිරත වන බවට තහවුරු වී තිබේ. ඔවුන් සියළු දෙනා වසර 10 කට අධික කාලයක් එම බන්ධනාගාරයේම සේවයේ නිරත පිරිසකි.

හදුනාගෙන ඇති මෙම සියළු නිලධාරීන් කඩිනමින් එම බන්ධනාගාරවලින් ස්ථාන මාරු කර පරීක්‍ෂණ ආරම්භ කරන බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

Related posts

නුවරඑළියේ වැඩිම මනාප ජීවන් තොණ්ඩමන්ට

colombotoday

ජනපතිගේ උදව් එපා.. අවුරුදු විසි එකක් විපක්ෂ නායක කමේ පුටුව රත් කර කර ඉන්න ඕනෙ නෑ – සජිත් කියයි

Admin

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

colombotoday

ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක්

Admin

විජේදාස, වජිර , මාරපන ඇමතිකම්වලින් දොට්ට…?

colombotoday

රටේ ඒකීය භාවය රාජ්‍ය නොවන සංවිධානවලට හිසරදයක්‌ – බස්‌නාහිර ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර

colombotoday