Colombo Today Local News

ටින් මාළු – පරිප්පු වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 33 කට වැඩවරදී

පාලන මිලට වඩා පරිප්පු ටින් මාළු අලෙවි කළ වෙළඳුන් 33 දෙනෙකු අස සහ ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුකළ වැටලීම්  වලදී පාරිභෝගික අධිකාරිය මගින් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.

රුපියල් 65 අලෙවි කරන පරිප්පු කිලෝව රුපියල් 140 ට සහ රුපියල් 165 ට අලෙවි කර ඇති අතර රුපියල් 100 ක් වන ග්‍රෑම් 425 ටින් මාළු  රුපියල් 205 සිට 256 දක්වා මෙම වෙළඳුන් විසින් වැඩි මිලට අලෙවි කර ඇතැයි පාරිභෝගික අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ඒ ඒ ජසුල් මහතා පැවසීය.

පිටකොටුව , නාරාහේන්පිට , බම්බලපිටිය , කොල්ලුපිටිය , මොරටුව , රත්මලාන සහ මහරගම යන ප්‍රදේශ වල සිදුකළ වැටලීම් වලදී අල්ලා ගත් මෙම වෙළඳුන් 33 දෙනාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවද සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය

Related posts

ලංකාවේ දරුවන් වෙනුවෙන් ගෙන්වන එන්නත් වර්ග මෙන්න

colombotoday

“නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් නෑ” – එජාප චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු

colombotoday

කෝපා කමිටුව අද රැස් වෙයි.

colombotoday

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

colombotoday

“කැබිනට් මණ්ඩලය ෆේල්”

colombotoday

ජල නළය පිපිරි කොටන රත්නපුර ප්‍රධාන මහා මාර්යට හානි… ප්‍රදේශ රැසකට ජලය නවතී.

colombotoday