Colombo Today Local News

ඥානසාර හිමි හැකි ඉක්මනින් නිදහස් කරනවා – ජනපතිගෙන් භික්ෂූන් වහන්සේලාට පොරොන්දුවක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 6ක සිර දඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට හැකි ඉක්මනින් ජනාධිපති නිදහස ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා භික්ෂූන් වහන්සේලා පිරිසකට පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

ඥානසාර හිමි නිදහස් කර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත විය.

උද්ඝෝෂකයන්ට පොලීසිය විසින් ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා උද්ඝෝෂකයන් අසලට පැමිණ එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේලා ජනාධිපතිවරයා හමුවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය තුලට කැඳවාගෙන යන ලදි.

තමාගේ අනුදැනුමක් නොමැතිව ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කල නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී ජනාධිපතිවරයා භික්ෂුන් වහන්සේලාට පවසා ඇත.

එවකට පැවති රනිල් වික්‍රමසිංහ පාලනය විසින් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය යොදාගෙන ඥානසාර හිමි සිර කිරීමට කටයුතු කල බවට පසුගිය කාලය පුරා චෝදනා එල්ල විය.

Related posts

කිරිඇල්ල වහා ඉල්ලා අස්වෙනු! නැතහොත් ඉවත් කරනු !!- නිර්මාල් රංජිත් දැඩි විරෝධයේ

colombotoday

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සංශෝධන රහිතවම සම්මතයි !

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනයක්

colombotoday

රට භයානක අනතුරක් ඉදිරියේ.. කරුණාකර නවතින්න ! මාධ්‍යට වාරණය කළ ඥාණසාර හිමිගේ ප්‍රකාශය (Video)

colombotoday

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday