Colombo Today Local Newsfeatured

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහිව පාක්‍යසොක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

අධිකරණයට අපහාස කලායැයි වසර 19ක සිර දඬුවමක් එකවර වසර 6කින් ගෙවී යන ලෙස සිරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපතිවරයා සතු විධායක බලතල මත නිදහස් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු පෙත්සම් දෙකක් සැප්තැම්බර් 10 වනදා සලකා බැලීමට නියමිතව ඇත.

මෙයින් එක් පෙත්සමක් අංක 3, ඇස්කොට් ඇවනිව්, කොළඹ 5 ලිපිනයේ පදිංචි විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යන රාජ්‍ය නොවන සංවිධානයක (NGO) අධ්‍යක්ෂක ලෙස හඳුන්වන පාක්‍යසොක්ති සරනමුත්තු විසින් ගොනු කර ඇති අතර එම පෙත්සමින් වගඋත්තර කරුවන් ලෙස නීතිපතිවරයා, ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල, අධිකරණ අමාත්‍යංශ ලේකම් ආර්.එම්.ඩී.බී මීගස්මුල්ල, පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ බන්ධනාගාර කොමසාරිස් ටී.එම්.ජේ.ඩබ්ලිව් තෙන්නොකොන් නම් කර ඇත.

අනෙක් පෙත්සම අංක 132/2, සුහද මාවත, හිරිපිටිය, පන්නිපිටිය ලිපිනයේ පදිංචි සන්ද්‍යා එක්නැලිගොඩ විසින් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සමින් වගඋත්තර කරුවන් ලෙස නීතිපතිවරයා, පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල, වැලිකඩ බන්ධනාගාර අධිකාරි ටී.ජී උඩුවර, ජනාධිපති ලේකම් උදය සෙනවිරත්න, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය, පොලිස්පති පුජිත ජයසුන්දර, වැඩබලන පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ නම් කර ඇත.

Related posts

“අගමැතිකම ගෝඨාභයට දෙන්න ජනපති මෛත්‍රී එකග වුණා.. මහින්ද ඊට විරුද්ධ වුණා” – ඩිලාන් පෙරේරා

colombotoday

බෝරා මුස්ලිම් සමුළුව නිසා බම්බලපිටියේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වේ

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හොදායි කියන්න ඇමති මලික් හතර වටේ යයි… සේවා දිගුව ගන්න බරටම වැඩ

colombotoday

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

මෙරට ජනගහනයෙන් 23.4% දුම්බොන්නන්.. එයින් 3%ක් පාසල් සිසුන් !

colombotoday

විදුලි පහන් සංඥා නොතකා ආ බස්යක් ලොරි‍යක ගැටී පෙරලෙයි

Admin