Colombo Today Local News

ජොනීට එරෙහි අල්ලස් නඩුව – ලිඛිත දේශනා ඉදිරිපත් කිරිමට නියෝග

ඇමතිවරයෙක් ලෙස කටයුතු කරමින් තම වාර්ෂික වත්කම් බැරකම් වාර්තා ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවට අදාළ ලිඛිත දේශනා ජනවාරි මස 22 වනදා ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියෙ කැඳවනු ලැබීය.

විත්තියේ සහ පැමිණිලි පාර්ශවයෙ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ පූර්වගාමී විනිසුරුවරයා ඉදිරියේ ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කරගෙන මෙම නඩුව පවත්වාගෙන යාමට අධිකරණය හමුවේ එකඟතාව පළ කළේය.

2010 වසර සහ 2014 වසර දක්වා වූ කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් තම වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම මගින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

Related posts

අල්ලස් ගනිද්දී කාර්යමණ්ඩල ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ මතය මෙන්න

colombotoday

ජනපතිට සහය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තීරණයක්…

colombotoday

ඉදිරියට එන්නේ මහ නරක කාලයක්… දැන්ම මඤ්ඤොක්කා බතල හිටවන්න පටන් ගන්න

colombotoday

ලේ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

colombotoday

යුද අපරාධ විමර්ශනය වහාම ක්‍රියාත්මක කරන්න – සම්බන්ධන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

ඩයනාගේ පෙත්සමට දින දෙයි

Admin