Colombo Today Local News

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

වර්ෂ පහකට අදාල වත්කම් බැරකම්  ප්‍රකාශ සාධාරණ හේතුවක් මත ඉදිරිපත් නොකර සිටියැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  හිටපු ආහාර හා  සමූකාර අමාත්‍ය  ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29)  නියෝග කළාය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව  සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පුකර ගැනීමට නොහැකි වීමෙන්  හිටපු අමාත්‍යවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කළ මහෙස්ත්‍රාත්වරිය   වර්ෂ 5 කට අදාළ නඩු  05 සම්බන්ධයෙන්ම එම තීන්දුව ලබා දුන්නාය.


2010 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වසර 5ක කාලයක්  තුළ වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව නිසි බලධාරියා විසින්  ඉදිරිපත් නොකර සිටීම වරදක්  ලෙස  සඳහන් කරමින් අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

Related posts

පාඨලීගේ මූලික විරෝධතාවක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දෙයි.

colombotoday

ශානි අබේසේකර යළි රිමාන්ඩ්.. රට හැර ගිය නිශාන්ත සිල්වා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

colombotoday

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට… පළමු කිලෝමීටරයට රුපියල් 80ක්

colombotoday

මනූෂ නානායක්කාර CID ය හමුවට

colombotoday