Colombo Today Local News

ජීවත් වෙන්න පහසුම රටවල් අතරින් ලංකාව 73 වැනි තැනට.. ඉන්දියාව අපට පහළින් 130

un human dvp index 2015


 

ලොව ජීවත්වීමට සුදුසුම රට නෝර්වේ රාජ්‍යය බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දෙයි. 2015 වසර සඳහා මානව සංවර්ධනයේ අංශ ගණනාවක් සම්බන්ධයෙන් කළ පර්යේෂණ අනුව ඔවුන් රටවල් 188 ක් ශ්‍රේණිගත කර ඇත.

ඕස්ට්‍රේලියාව සහ ස්විස්ටර්ලන්තය ලොව ජීවත්වීමට වඩාත් සුදුසු රටවල් අතර දෙවැනි හා තෙවැනි ස්ථානවලට පත්ව ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය කියයි. මේ අතර ජීවත්වීමට නුසුදුසුම රට එනම් එම ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානය හිමිව ඇත්තේ නයිජර් රාජ්‍යයටයි. මධ්‍යම අප්‍රිකා සමූහාණ්ඩුව සහ එරිට්‍රියාව නයිජර් රාජ්‍යයට පසුව පිළිවෙළින් ජීවත් වීමට නුසුදුසු රටවල් අතර වෙයි.

ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේ හිමිව ඇත්තේ 73 වැනි ස්ථානයයි. අසල්වැසි ඉන්දියාවට මෙම දර්ශකයේ හිමිව ඇත්තේ 130 වැනි ස්ථානයයි. පකිස්තානය එහි 143 වැනි ස්ථානයේ පසුවෙයි.

ඇමරිකා එක්සත් ජනපදය මෙම ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට පත්ව ඇති අතර මහා බ්‍රිතාන්‍යය 14 වැනි ස්ථානයේ පසුවේ.

මානව සංවර්ධනය මූලික කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර ඇති අතර ලෝකයේ රටවල් 188 ක් අතිශය දියුණු මානව සංවර්ධනයක් ඇති, උසස් මානව සංවර්ධනයක් ඇති, මධ්‍යම මානව සංවර්ධනයක් ඇති හා අඩු මානව සංවර්ධනයක් ඇති රටවල් ලෙස මෙහි බෙදා දක්වා ඇත. ශ්‍රී ලංකාව මෙහි දෙවැනි කාණ්ඩය වන උසස් මානව සංවර්ධනයක් ඇති රටක් ලෙස හඳුන්වාදී තිබේ.

ආසියා මහද්වීපයට අයත් රටවල් අතරින් සිංගප්පූරුව එම ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානයට පත්ව ඇති අතර චීනය 12 වැනි තැනටත් ජපානය 20 වැනි තැනටත් පත්ව ඇත. දකුණු කොරියාව මෙහි 17 වැනි තැන හිමිකරගෙන ඇත.

Related posts

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

Admin

විදේශීය සමාගම් තුනට අනුමත මිලට වඩා අඩුවෙන් තෙල් විකුණන්න අවසර

Admin

එක්නැලිගොඩ බිරියගේ සිහිනය සැබෑවෙයි.. බුද්ධි නිලධාරීන් නැවතත් සිරගෙට

colombotoday

ජනාධිපති වැඩ භාරගනිද්දී වෙනදා නොවුණු දෙයක් වෙයි…. සිස්ටම් එක Change වෙමින් පවතී… සමාජජාලාවල ඉහළ හරසර..

colombotoday

ඉබ්බන්කටුව ජලාශයේ වාන් දොරටු 3ක් විවර කෙරේ

colombotoday

දෙදෙනෙකුට ඇණ ගසා මරන්න හැදූ සිද්ධිය පිටුපස අභිරහසක්

colombotoday