ජනීවා මානවහිමිකම් යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාදය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබේ.
විවාදය ආරම්භයේදීම වාද කිරීම සදහා එකී යෝජනාව මෙතෙක් සභාගත කර නැති බව විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීමත් සමග විපක්ෂය දෙසින් විරෝධතාවන් පැණ නැගුණු අතර ඊට ටික වේලාවකට පසු විදේශ ඇමති මංගල සමරවීර විසින් මහතා එම යෝජනා සභාගත කලහ. නමුත් විවාදය පැවැත්වෙන අතරතුර යෝජනාව සභාගත කිරීම නිසා එය අධ්‍යයනය කරන්නේ කෙසේදැයි විපක්ෂ මන්ත්‍රීවරු තර්ක කරන්නට විය.
ඉන් පසු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සෙංකෝලය රැගෙන සභාගැබ මැදට පැමිණිම නිසා උණුසුම්කාරි තත්වයක් ඇති විය. සභාව විනාඩි 10කට කල්තබා යළි ආරම්භ කෙරිණි.