Colombo Today Local News

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

කොවිඩ් -19 වයිරසයේ දෙවැනි රැල්ලෙන් මේ දක්වා සිදුවූ මරණ දහයෙන් හයක්ම කොළඹ ජාතික රෝහලින් වාර්තා වීමට එකම හේතුව එම රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුනොකිරීම බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගියකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය පර්‌යේෂණායතනය මගින් සිදුකරන බවත්, එහි වාර්තාවන් ප්‍රමාද වී ලැබීම නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රමාදයක් සිදුවන බවත්ය. එම නිසා විවිධ සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන රෝගීන්ගේ ජීවිත රැක ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයිද හෙතම කීවේය.

ද්විතීයික මට්ටමේ සංකූලතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කරන රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ හැකියාවක් තිබීම අත්‍යාවශ්‍ය බවද සභාපතිවරයා අවධාරණය කරයි. යම් හෙයකින් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේ හැකියාව තිබුණා නම් මරණයට පත්වූ පුද්ගලයන් හයදෙනාගේ ජීවිත බේරා ගැනීමට හැකියාව තිබූ බවද රවී කුමුදේශ් සඳහන් කළේය.

එම නිසා මේ මොහොතේදීවත් රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණයන් ආරම්භ කළ හැකි ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීමට කටයුතු කළ යුතු බවද හෙතම වැඩිදුරටත් කීවේය.

Related posts

ගුවන්සේවා 4 ක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ඇරැඹිමට සාකච්ඡා | ඉදිරියේදී දිනකට සංචාරකයින් 1000 ක් දිවයිනට

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

“ගාලු රැළියට මහ පිරිසක් උ/නැගෙනහිරින්.. ජනපතිට විශ්වාසය පලකරන්න එන්න ලෑස්තියි” – දකුණේ මහ ඇමති

colombotoday

ජනාධිපති හොරු අල්ල අල්ල යද්දි රට හදන වැඩේ අපිට බාර දෙන්න

Admin

සුරාබදු පනත සංශෝධනය යෝජනා ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් 12 දෙනෙකු ඇතුළු කමිටුවක්

colombotoday

ඇමති සජිත්ගේ පොරොන්දු කුණු කුඩේට – නිවාස සංවර්ධන අධිකාරිය වැලිඔය සිංහලයන්ට කෙලී

colombotoday