Colombo Today Local News

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19)දින රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය පැවැත්විමට නියමිතව තිබේ.බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 04.00ට ආරම්භ වන සැමරුම් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ඇතුළු විශාල පිරිසක් සහභාගිවිමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කර ඇති සැමරුම උත්සවය සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව පැවැත්විමට සැලසුම් කර තිබේ.

2009 වසරේ මැයි මාසයෙන් අවසන් වූ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි සටනේදී උත්තරීතර කැප කිරිම් සිදු කළ යුද හමුදාවේ 23,962 දෙනෙකු, නාවික හමුදාවේ 1160 දෙනෙකු, ගුවන් හමුදාවේ 443 දෙනෙකු පොලිසියේ 2598 දෙනෙකු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 දෙනෙකු මෙම උත්සවයේදී ගෞරවයෙන් සිහිපත් කිරිමට නියමිතයි.

මෙම සැමරුම් උත්සවය සදහා රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන්ගේ ඥාතීන් ද සහභාගීවිමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළිත් රැස්වෙයි

Admin

අලුත් අවුරුදු දා රිය අනතුරු 121ක් – 10ක් මරු දකී

colombotoday

වතුර බෝතලෙන් ගහපු ගැහිල්ල

Admin

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා..- විමල් කියයි

colombotoday

අද ඩොලරය රු.299යි

colombotoday

“දක්‍ෂිණ අධිවේගයට එල්ල වන චෝදනා ආණ්ඩුවේ විලි වසා ගැනීමටයි..“ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday