Colombo Today Local Newsජනාධිපතිවරණය

ජාතික ආරක්ෂාව අංක 1, නවීන ලොවකට ලංකාව රැගෙන යන ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 එළිදැක්වෙයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන 18 දා එළිදැක්වීමට නියමිත බව ඒ මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මහනුවර රැජින හෝටලයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම කරුණු දැකිවිය.

මෙතෙක් දේශපාලන අපේක්ෂකයන් මෙන්ම පක්ෂ කණ්ඩායම් ජනතාවට ලබා දුන් ආකර්ශනීය පොරොන්දු පත්‍රිකාවක් වෙනුවට ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්විය හැකි වැඩපිළිවෙළක් මෙමගින් ඉදිරිපත් කෙරෙන බව හෙතෙම කීය.

ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කැර ඇති මෙම ප්‍රකාශනය මාස 4-5 පමණ කාලයක් විද්වතුන්, උගතුන්,බුද්ධිමතුන්,මෙන්ම ප්‍රායෝගික ක්‍රිකාරිකයන් පුළුල් අධ්‍යනයකින් සකස් කළ බව ඒ මහතා පවසයි.

ජාතික ආරක්ෂාව ප්‍රමඛ මෙන්ම අධ්‍යාපනය, ආර්ථික, කෘෂිකර්මාන්තය, විදෙස් ප්‍රතිපත්තිය, සෞඛ්‍ය, බලශක්ති, මාධ්‍ය ආදි විෂයන් පිළිබදවද මෙහිදි දැඩි අවධානය යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු වකවානුව තුළ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් ලක්ෂය දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයිද රඹුක්වැල්ල මහතා පවසයි.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම සළකා බලන්න විනිසුරුවරු තිදෙනෙක්

colombotoday

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

Admin

“ස්වයංපාලනය දෙනු.. නැතිනම් උතුරේ අය ආයුධ අතට ගනී.. මරාගෙන මැරෙයි“ වික්‍රමබාහු

colombotoday

“රටට හෙණ ගැහුවත් අගමැතිට විහිළු.. ඔහු කවටයෙක් වෙලා” – ජී.එල්. පීරිස්

colombotoday

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

ජපන් අගමැති මුල්ගල් තැබූ ගුවන්තොටේ නෙළුම් මල අර්ජුන ගලවයි

colombotoday