Colombo Today Local News

ජාතික ආණ්ඩුව ලැජ්ජ නැති වැඩක්.. ඒත් ව්‍යාවස්ථානුකූල නිසා නඩු දමා වැඩක් නෑ

එක්සත් ජාතින පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සෑදීමට උත්සාහ කරන්නේ තනි මන්ත‍්‍රීවරයෙක් පමණක් සිටින ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම කටයුත්ත මහ ලැජ්ජ නැති වැඩක් යයි ද පවසන ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පෙන්ව දෙන්නේ එය ව්‍යවස්ථානුකූල බවය.

එහෙයින් නව ජාතික ආණ්ඩුව ව්‍යවස්ථාවට පටහැනි නැතැයි පෙන්වා දෙන ප්‍රචාරක ලේකම්වරයා ඊට එරෙහිව අධිකරණයට ගොස් වැඩක් නැතැයි ද පවසයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහෙත් මීට පෙර ජවිපෙ ප්‍රකාශ කළේ ව්‍යවස්ථාවේ හිල් හොයමින් ජාතික ආණ්ඩුවක් අටවා ගැනීමට එජාපය සැරසෙන බවත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණවලට මහින්ද රාජපක්ෂ විරුද්ධ නම් ඔහු සමග හෝ එක්ව එය පරාජය කිරීමට කටයුතු කරන බවය.


Related posts

මාස තුනකින් වැඩිහිටි දීමනාව ලබා දී නැහැ

Admin

දරුවකු යොදාගෙන ඇෆ්ගන් ත්‍රස්‌තයෝ මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday