Colombo Today Local News

ජ’පුර රෝහලට කොවිඩ් ආසාදිතව සුවවූ පුද්ගලයෙක් කළ පරිත්‍යාගය

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු එම රෝහලට පීසීආර් යන්ත්‍රයක් පරිත්‍යාග කර ඇතැයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා පැවැසීය.

පරිත්‍යාග කෙරුණු පීසීආර් යන්ත්‍රය හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 80කට ආසන්න යැයි ද හේවගේ මහතා සඳහන් කළේය.

මෙම පීසී ආර් යන්ත්‍රය මඟින් මේ වනවිට දිනකට දෙවරක් පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් මේ අනුව දිනකට පරීක්ෂණ 200කට ආසන්න සංඛ්‍යාවක් සිදුකළ හැකි බවත් අධ්‍යක්ෂවරයා කීය.

මේ අනුව එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගත් බවත් පැවසූ අධ්‍යක්ෂවරයා දැන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බාහිර අංශයට ගොස් ඕනෑම අයෙකුට පීසීආර් පරීක්ෂණයක් කරවා ගැනීමට හැකියාව ඇතැයි ද සඳහන් කළේය.

කොවිඞ් ආසාදිතයෙකු නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක හරහා ද එසේ නොවන්නේ නම් පැය 48කට පසු පස්වරු 3.00 සිට 4.00 දක්වා රෝහලේ විමසීම් කවුළුවෙන් ද වාර්තාව ලබා ගතහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

අනුරාධපුර රෙදි කඩයක ගින්නක් – දැඩි පෑවිල්ලට ගින්න වේගයෙන් පැතිරෙයි

Admin

අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් තුනක් අල්ලයි

colombotoday

අවලෝකිතේශ්වරට ඇප

Admin

අගමැති සමග රහස් හමුවක්.. හිටපු ඇමති විජේදාසටත් ඇමතිකමක් ??

colombotoday

වී අලෙවි මණ්ඩලයේ සියලුම සහල් වර්ගවල මිල අඩු කෙරේ

colombotoday