Colombo Today Local News

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

කොල්ලුපිටිය පිත්තල හන්දිය අසලදී ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදැයි චෝදනා ලැබ වසර 14 ක් රිමාන්ඩ් භාරයේ සිටි පුද්ගලයෙක් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදිප් හෙට්ටිආරච්චි මහතා අද (19)  නියෝග කළේය.

මෙසේ නිදහස් කරනු ලැබුවේ චන්ද්‍ර බෝස් සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම විත්තිකරු ඇතුළු පස් දෙනෙක් චෝදනා ලැබ සිටිති.

2006 වසරේ ජුලි පළමු වැනි දින සහ දෙසැම්බර් අතර කාලයේදී  එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාහය රාජපක්ෂ මහතා ගමන්ගත් මෝටර් රථයට බෝම්බයක් අටවා ඝාතනයට තැත් කරන ලදයි විත්තිකරුවන් පහක් චෝදනා ලැබ ඇත.

නිදහස ලැබූ  විත්තිකරු වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ කේ.වී තවරාසා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විත්තිකරුට  එරෙහිව  අධිකරණයෙන් ප්‍රතික්ෂේප කළ පාපොච්චාරණය හැර කිසිඳු සාක්ෂියක් නොමැති බැවින් ඔහුව නිදොස් කර නිදහස් කරන ලෙසය.

කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාර  චන්ද්‍ර බෝස්  සෙල්වම් හෙවත් මයිකල් නැමැත්තා නිදහස් කිරීමට නියම කළේය.

Related posts

විජයදාස ජනපති කොමිසමට…

colombotoday

මහනුවර ඉහළම කාන්තා පාසලක කූට ගේමක්! බලධාරීන් ඇස් කන් වසා මර නින්දේ

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday

බැදුම්කර මගඩියේ සැකකරුවන් ලෙස තිදෙනෙක් නම් කරයි.. අර්ජුන් මහෙන්ද්‍රන්ට අධිකරණ නියෝගයක්

colombotoday

බිලියන 16ක රජයට පාඩුවක්.. රේගු ඉතිහාසයේ දැවැන්තම වංචාව ගැන පරීක්ෂණ යළි ඇරඹෙයි

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 2797ක් අත්අඩංගුවට

colombotoday