Colombo Today Local News

ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුවෙන්මයි. වෙන පක්ෂවලට අඩව් අල්ලන්න බෑ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම අයෙකු බවත් වෙනත් පක්ෂවල අයට ඒ සඳහා ඉඩක් නොලැබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

45%කට වැඩි ඡන්ද බලයක් ඇත්තේ පොහොට්ටුවට බැවින් වෙනත් පක්ෂවලට අඩව් ඇල්ලීමට ඉඩ නොතබන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

පොහොට්ටුවේ අපේක්ෂකයා කවුරුන්ද යන්න විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

30 වසරක යුද්ධය ජයගත් ආකාරයෙන්ම ආර්ථික යුද්ධය ජයගැනීමටත් මහින්ද රාජපක්ෂ මහතාම නායකත්වය දෙනු ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දික අනුරුද්ධ මහතා මේ බව පැවසුවේ ඊයේ (31) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවත් සහ අපේක්ෂකයකු තවමත් සොයමින් සිටින බවත්ය.

Related posts

විශ‍්‍රාමික ජනපති නිල නිවස සින්නක්කරද?

colombotoday

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නාමල්

Admin

SAITM කියන්නේ සක්විත ගණයේ ආයෝජනයක් – මහාචාර්ය කාලෝ ෆොන්සේකා

colombotoday

වළකට වැටී දරුවෙක් මිය යයි

Admin

ජනපති ගමේ ගිහින් බැදුම්කර වාර්තාව කියවයි.. ඊළග පියවර ගැන සාකච්ඡාවට අගමැති කැදවයි !

colombotoday

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday