Colombo Today Local News

ජනාධිපතිවරණයේදි අපේ සහාය ප්‍රේමදාස පවුලේ උරුමක්කරුවෙකුට

මෙවර ජනාධිපතිවරණයේදී වතුකරයේ ද්‍රවිඩ ජනතාවගේ සහාය හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උරුමකරුවෙක් ඉල්ලනු ලබන්නේනම් ඔහුට ලබා දෙන බව විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා  පැවැසීය.

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අද (23) ඒ මහතා එසේ පැවසීය.

එහෙදී තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය,

“අපි දැන් ඊළග ජනාධිපතිවරණය ගැන සිතන්න ඕනැ කාලේ ඇවිල්ලා තියෙන්නේ. වර්තමාන ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණයේදී ආයේ ඉල්ලන්නේ නැහැ කියලා අපිට දැන ගන්න ලැබුණා. අපි කඳුකරයේ ඉන්න ජනතාව විදිහට කඳුකරයේ ජනතාවට වැඩ කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් පත්කර ගන්න ඕනෑ.

එක් දහස් නවසිය අසු ගණන්වලදී හිටිය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා වතුකරයේ ජනතාව ගැන හිතලා යම් කිසි වැඩක් කළා. ඒක අපි අගය කළ යුතුයි. එතුමා 1989 වතුකරයේ ජනතාවට පුරවැසිභාවය දුන්නා. අද අපි ඡන්දය දාන්නේ එක නිසයි.

ඒක නිසා වතුකරයේ ජනතාව එතුමා ඉතිහාසයේ කරන ලද වැඩ අමතක කරන්න හොද නැහැ. ඒක නිසා එතුමාගේ උරුමක්කරුවෙකු ඉල්ලනවානම් අපි වතුකරයේ ජනතාව එතුමාට සහයෝගය දෙන්න ඉදිරි මැතිවරණයේදී බලාපොරොත්තු වෙනවා.

වතුකරයේ ජනතාවට පමණක් නෙවෙයි රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා එතුමා ලංකාවේ සියලුම ජනතාවට උදවු කළා. විවිධ වැඩ කොටස් රැසක් සිදු කළා. ගෙවල් හදලා දුන්නා. විසිපන් දහසක් ගුරුවරු පත් කළා. පාසල් ළමුන්ට දිවා ආහාරය මෙන්ම නිල ඇදුම් ලබා දුන්නා. ඒ වගේ විශාල වැඩ කොටසක් කරලා තිබුණා. එතුමා වගේ ජනාධිපති කෙනෙක් ආයේ මේ රටේ පත් වෙනවා නම් ඒ වගේ අයෙකුට සහයෝගය දෙන්න වතුකරයේ ජනතාව සුදානම් බව අපි කියන්න කැමැතියයිද” ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Related posts

ඇමති හකීම්ට එරෙහිව පරීක්ෂණ පවත්වන්න දෙන්නේ නෑ. තලතාගෙන් ගෝරනාඩු

colombotoday

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

colombotoday

දින 14ක් රට වසා දමන බවට සමාජ මාධ්‍යයේ පැතිරය යන ප්‍රචාර අසත්‍යක් – යුද හමුදාපති

colombotoday

සම්බන්ධන් මහතා කදවුරට කඩාපැන්නේ නොදැනුවත්කමින්.. හමුදා නිලධාරියා ගැන පරීක්ෂණයක් කල යුතුයි

colombotoday

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

colombotoday