යළි දිවයිනට පැමිණිමෙන් අනතුරුව ජනාධිපතිවරණයට සුදානම් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
පසුගිය දිනකදී ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර ලබා ගැනීම සඳහා රාජපක්ෂ මහතා සිංගප්පූරුව වෙත පිටත්ව ගියා.
තමන් දැන් සුව තත්ත්වයේ පසුවන බවත් නැවත පැමිණිමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා සුදානම් බවත් එහිදී රාජපක්ෂ මහතා ප්රකාශ කර තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කර ඇත්තේ ප්රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් රාජපක්ෂ මහතා ප්රතිකාර ලබන සිංගප්පූරුවේ පිහිටි රෝහල වෙත ගිය අවස්ථාවේදියි.