Colombo Today Local News

ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන්ද? බැරිද? – නීතිය මෙන්න

ව්‍යවස්ථාවේ සඳහන් කරුණක් අර්ථ නිරූපණය කිරීමේදී තමන්ට වාසිදායක කොටස පමණක් උපුටා දැක්විය නොහැකි බවත් එහිදී පාර්ලිමේන්තුව අදාළ ප්‍රතිපාදන හරහා අදහස් කර ඇත්තේ කුමක්ද යන්න මූලික වන බව ජේෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ පවසයි.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවට අනුකුළව පාර්ලිමේන්තුව විසුරවනවා නම් ඒ සිදුකළ හැක්කේ කෙසේද යන කරුණ සම්බන්ධව  අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවෙම අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව සම්බන්ධව විධායකය සතුවූ අත්තනෝමතික බලතල ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් බවත් ඒ තුළ ජනාධිපතිවරයට පාර්ලිමේන්තුව විසුරවා හැරීමට තිබෙන බලතල මොනවාද යන්න පැහැදිළිව දක්වා ඇති බවද ඔහු පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ජන්දයෙන් කරන යෝජනා සම්මතයකින් හෝ පාර්ලිමේන්තුව විවෘත කළ පළමු දිනයේ සිට වසරකුත් මාස 6ක් ගතවූ පසුව බවද ජේෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ පෙන්වා දෙයි.

මේ වන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර තිබූ විවිධ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව මත පළවුවත් 19 ව්‍යවස්ථාවේ ඊට අදාළ පැහැදිළි ප්‍රතිපාදන ඇති බැවින් ඒ නොසළකා කටයුතු කිරීම ව්‍යවස්ථා උල්ලංඝනයක් බවද ඔහු අවධාරණය කරයි.

voicetube.lk

Related posts

වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට වෙඩිවැදී රෝහලේ…

Admin

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

“අගමැති ඉල්ලා අස්වෙනවානම්, මාත් ඉල්ලා අස්වෙන්න ලෑස්තියි” – ඌව මහඇමතිගෙන් කොන්දේසියක්

colombotoday

උපරිම බලය බෙදීමකට සජිත් එකග වුණ… උ/නැ ජනතාව දුන් තීන්දුවට නව ජනපති ගරු කළ යුතුයි…

colombotoday

හීටරයක් පුපුරා හටගත් ගින්න මාස 3ක බිළිඳියක් බිලිගනී

Admin