Colombo Today Local News

ජනපති සිරිසේනටනම් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට එන්න දෙන්නෙම නෑ…

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් ඉදිරිපත්වීමට ඉඩනොදෙන බවත් පොහොට්ටුවේ අදහස ඒ සඳහා රාජපක්ෂවරයෙක් ඉදිරිපත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.

ඒ අනුව සිරිසේන මහතාට ‘පොහොට්ටුවේ’ සහය හිමි නොවනු ඇතැයි ද ඔහු පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මේ බව සඳහන් කර සිටියේ පසුගියදා හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

පේන විදිහට ජනාධිපතිවරණයක් තිබ්බොත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ආයෙත් ඉල්ලනවා. මේ අවුරුද්ද මැතිවරණ වසරක්. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පහුගිය අවුරුදු හතරේ හරියට රටට දැනෙන වැඩක් කළේ නෑ. ඒත් මේ අන්තිම අවුරුද්දේ මෛත්‍රීපාල මහත්තයා වැඩ කරනවා.

දැන් මත්ද්‍රව්‍ය අල්ලනවා. පාතාලය නැති කරනවා. ඒ විදිහට බලනකොට මෛත්‍රීපාල මහත්තයා ආපහු ජනාධිපති ධුරයට ඉල්ලයි.

මම වුණත් සහයෝගය දෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයාම එනවානම්. එහෙම නැතිනම් මම සහයෝගයක් දෙන්නේ නෑ

Related posts

ජනපති-අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්..

colombotoday

ත්‍රිකුණාමලය තෙල් ටැංකි කළමනාකරණය : ලංකා අයි.ඕ.සී සමාගමටත් කොටස්

colombotoday

රැකියා ඇති තරම්.. ඒත් සුදුසුකම් ඇති අය නෑ

colombotoday

රවී ඇතුළු 10 කට වරෙන්තු

colombotoday

TNA මංත්‍රී රවි හරන් ඇතුළු පිරිසක් ගුරුකන්ද විහාරයට කඩා පනිති

colombotoday

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

colombotoday