පාර්ලිමේන්තු සැසිවාරය නැවත කැදවිමට අදාළ තෙවැනි ගැසට් පත්රයට ජනාධිපති මෛත්රීපිල සිරිසේන මහතා ඊයේ 26 අත්සන් තබා ඇත.
පාර්ලිමේන්තු යළි කැදවීම නිකුත් කළ ගැසට් නිවේදනය දෝශ සහගත වූ බැවින් එය නිවැරදි කරමින් දෙවන වරටද නිකුත් කළ ගැසට් නිවේදනය දෝෂ සහිත වූ බැවින් තෙවැනි වරටත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවිය.
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ සැසිවාරයක් නැවත කැදවීම සදහා ජනාධිපතිවරයෙකුට ගැසට් නිවේදන තුනක් නිකුත් කිරීමට සිදුවූ මුල්ම අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.
මැයි 8 වැනිදා පස්වරු 2.15ට පාර්ලිමේන්තුව නැවත කැදවීමට නියමිතය.