2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16දා) පෙරවරුවේ පොළොන්නරුව, නවනගරය, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
ජයන්ති සිරිසේන මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අද පෙරවරුවේ විද්‍යාලෝක විහාරය වෙත ගිය ජනාධිපවරයා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව ජනාධිපතිවරයා සිය ඡන්දය ප්‍රකාශ කිරීමට එක් විය. ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි ජනතාව සමඟ ද ජනාධිපතිවරයා සුහද කථා බහක නිරත විය.