ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කර තිබේ.
ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අද(09) දිනයේදී අදාළ පත්විම් සිදු කර තිබේ.
මේ අතර උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.
සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය රාජ්ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙස ද පත් කර තිබේ.