Colombo Today Local News

ජනපති නියමයෙන් ෆොන්සේකාගේ අලි ඇල්ලීමේ මෙහෙයුමට නතර කරයි

ලෝක උරුමයක් ලෙස සැළකෙන සිංහරාජ වනාන්තරය තුළ දැනට ඉතිරිව සිටින තෙත් කලාපීය වන අලින් දෙදෙනා සොයා ක්‍රියාත්මක මෙහෙයුම් ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් මත නතර කිරීමට තීරණය කළ බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

අද දෙරණට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවයරුන් ඊයේ(16) පස්වරුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ය නිමා කරමින් ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින අවසන් තෙත් කලාපීය වන අලි දෙදෙනා සෙවීමේ මෙහෙයුම ආරම්භ කළේය.

එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවද නොතකා වනජීවි නිලධාරීන් කණ්ඩායමක් වන අලීන් දෙදෙනා ගැවසෙන ප්‍රදේශවල පරික්ෂා කිරීම්ද අඛණ්ඩව සිදුකරමින් කරමින් සිටියේය.

ඒ අනුව මෙම අලි දෙදෙනා ගැවසෙන සයිප්‍රස්වත්ත ප්‍රදේශයට ඊයේ පස්වරුවේ පශු වෛද්‍යවරයෙකු ගොස් එම ප්‍රදේශයේ අධීක්ෂණ කටයුතුවල නිරත වුණේ එහිදී අලින් නිර්වින්දනය කිරීම සඳහා සුදුසු ද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහාය.

කෙසේ වෙතත් අද උදාසෑන වන අලීන් සෙවීමේ මෙහෙයුම් නතර කරන ලෙසට වනජීවි නිළධාරීන්ට උපදෙස් ලැබී තිබේ.

Related posts

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday

බස්නාහිර පළාතේ මාළු වෙළෙඳාම් ස්ථානවලත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව

colombotoday

වීරකැටිය 14 හැවිරිදි දරුවා වෙඩිතබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

හරීන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි. | හදිස්සියේ අසනීප වී රෝහලට. | සුව දුක් බලන්න සජිත් යයි

colombotoday

රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාරවලට අම්පිටියේ සුමනරතන හිමියෝ පිළිතුරු දෙයි

colombotoday

නිල්වක ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin