Colombo Today Local News

ජනපති දැඩි ස්ථාවරයක… ඉදිරි දින කිහිපයේදී තීරණාත්මක තීන්දුවක්…

කිසිදු හේතුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා යළිත් අගමැති ධුරයට පත් නොකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතා දැඩි තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අද පස්වරුවේ අගමැති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ  විශ්වාසභංගයේ තීරණය කිසි සේත්ම පිළිනොගැනීමට රජය තීරණය කළ බවද එහිදි අදහස් පලවිණි.

මේ අතර පාර්ලිමේන්තුව නැවතත් වාර අවසාන කර ජනමත විචාරණයකට යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස හෑල්ලුවට ලක් කර ඇති හෙයින් එය නැවත ස්ථාපිත කිරීම සඳහා මේ වන විට ඉතිරිව ඇති එකම විකල්ප විසඳුම වන්නේ නැවතත් පාර්ලිමේන්තුව වාර අවසාන කර ජනමත විචාරණයක් පැවැත්වීම බව ජනාධිපතිවරයා සහ ඔහුගේ සමීපතමයින්ගේ අදහස වී ඇත.

මෙම ජනමත විචාරණයේදී විමසීමට අදහස් කෙරෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යද, නැද්ද යන්නයි. මෙය බොහෝදුරට එළඹෙන සිකුරාදා දිනට පෙර සිදුවිය හැකි බවද ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

Related posts

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin

ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ… – භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්.

colombotoday

ආබාදිත සේවකයයාට පහරදුන් දඹුල්ල නගරාධිපතිගේ සහොදරයා අත්අඩංගුවට. – ලිංගික අඩත්තේට්ටමට ලක්වූ බවටත් චෝදනා

colombotoday

සමහරවිට ඒ ආණ්ඩු මේ තරම් මෝඩ නැතිව ඇති – යහපාලන ආණ්ඩුව ගැන මංගල කියයි

colombotoday

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday

25% දඩයක් ගහල ඇතිද? බංග්ලාදේශයට ක්‍රිකට් තහනම් කරන්න – ඉන්දියාවෙන් ඉල්ලීමක්

colombotoday