Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය : මධුෂ්ගෙන් ප්‍රශ්නකරන්න පොලිසිය ඩුබායි යයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය ගැන මාකඳුරේ මධූෂ්ගෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීන්දු කර ඇත. ඒ සඳහා පොලීසියේ විශේෂ විමර්ශන නිලධාරීන් තිදෙනකුට ඩුබායි වෙත පැමිණ මධූෂ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අවසරය ඉල්ලා රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් එරටට යොමු කර තිබේ.

මෙම ඉල්ලීම ඉදිරිපත් කොට ඇත්තේ ජනපති – ගෝඨා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ දුරකතන සංවාද ඇතුළත් හඬ පටයේ මධූෂ් ගැන ස්ථාන කිහිපයකම සඳහන් වන නිසාය. එබැවින් මධූෂ් එකී කුමන්ත්‍රණයට සම්බන්ධ වූ ආකාරය තහවුරු කර ගැනීමට මෙලෙස ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අවසර පතා ඇත.

Related posts

රාමසාන් කාලේ පල්ලිවල කැඳ නෑ

colombotoday

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

Admin

(Video)භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මක වන නීතිය එජාප නායකයාට, එජාප පාක්ෂිකයන්ට අදාළ නැද්ද?

colombotoday

දියවන්නා ඔයේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

හෙට සිට නැවතත් සෞඛ්‍ය වැඩවර්ජන

Admin

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday