Colombo Today Local News

ජනපති එජාපයට බනින්නේ ඡන්ද කඩාගන්නයි.. ඡන්දෙන් පස්සේ අපි ආයෙත් යාලුයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප වේදිකාවේ සිට එජාපයට චෝදනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ගොඩ වැඩිකරගැනීමේ දේශපාලන උපක්‍රමයක් ලෙස යැයි මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

කොතරම් ප්‍රතිවිරෝධතා තිබුණද පෙබරවාරි දහ වැනිදායින් පසුව ආණ්ඩුව පවත්වාගෙන ආ ලෙසම ඉදිරියට පවත්වාගෙන යන බවත හෙතෙම කියා සිටී.

කෙසේ වෙතත් එජාපය විසින් ආර්ථිකය විනාශ කලේ යයි ජනාදිපතිවරයා විසින් එල්ල කරන චෝදනාව බැහැර කරන ඇමති කිරිඇල්ල සදහන් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇති ආර්ථික කමිටුව විසින් ගන්නා තීරණ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇති කැබිනට් මණ්ඩලයේදී සම්මත කර ගන්නා බැවින් එවන් ප්‍රකාශයක් කලේ කවර අරමුණකින්දැයි නොදන්නා බවයි.

Related posts

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

මන්කිපොක්ස් මෙරට ව්‍යාප්ත වීමේ අවදානමේදී WHO සහය

colombotoday

හයර් දුවනවනම් මීටරේ අනිවාර්යයි…

colombotoday

කෝටි තුනක මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Admin

ආර්ථික වර්ධනය කිරීමේ ගෞරවය යා යුත්තේ අපිටද රනිල්ටද කියා ප්‍රශ්නයක් තියෙනවා

Admin

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

colombotoday