Colombo Today Local News

ජනපතිට යාපනය අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

සමාජ ක්‍රීයාකාරීන් දෙදෙනකු වන ලලිත් – කූගන් යන දෙදෙනා 2011 වසරේදී අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන හබයාස් කෝපුස් පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදීමට පැමිණෙන්නැයි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය අභියාචනාධිකරණය අද බල රහිත කළේ ය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සිතාසි නිකුත් කර තිබුණේ ජනාධිපතිවරණය පැවැත්වීමට මාස කිහිපයක් තිබියදීයී.

සිතාසියට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබු පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ .එච්. එම්. බී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඬුල්ල එම නියෝගය බල රහිත කළහ.

විනිසුරුවරුන් පෙන්වා දුන්නේ යම් නඩුවකට හෝ විමර්ශනයකට අදාළව සාක්ෂිකරුවන් කැඳවීමේ නීතිමය අයිතිය මහේස්ත්‍රාත්වරයෙකුට ඇතත්, එලෙස කැඳවනුයේ කුමන කරුණක් නිසා දැයි, නිශ්චිතව එකී සාක්ෂිකරු වෙත දැනුම්දීම අධිකරණයේ වගකීම බවයි.

2011 වසරේදී සිදුවූ අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාපක්ෂ මහතා කැඳවා ඇතත්, විධිමත් ආකාරයෙන් නිෂ්චිතව කරුණු සඳහන් කර නොමැතිවීම කෙරෙහි අවධානය යොමු කළ තම අධිකරණය, උගත් මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සිතාසි නියෝගය බල රහිත කරන්නේ යැයි, විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළේ ය.

Related posts

නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම මාරාන්තික උපවාසයක !

colombotoday

වසර 19කට පෙර කළ අපහාසයට තිලංගට කෝටි දෙකහමාරක් ගෙවන්න අර්ජුනට නියෝග

Admin

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

colombotoday

තව්හිද් සාමාජිකයන් ගැන පොලිසියට තොරතුරු දුන්නැයි නාවික සෙබළකු ඇතුළු තිදෙනකුට පහර දීලා

colombotoday

ජනපති රනිල් – බැසිල් ඉදිරි දේශපාලනය ගැන සාකච්ඡාවක

Admin

පන්සල්වල තොරතුරු රැස්කරන බුද්ධි මෙහෙයුමක් පොලීසිය අරඹයි..? “කසාවතට, පන්සලට අතතියා වරද්දා නොගනු” – සිංහල රාවය

colombotoday