Colombo Today Local News

ජනපතිගේ නියෝජිතයෙක් සෞදි රජ පවුල හමුවේ – ගල්ගසා මැරීම සිරදඩුවමකට ලිහිල් කිරීමට පොරොන්දුවක්

saudi

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සෞදි රජු වෙත යැවූ ලිපියක්ද රැගෙන ජනපති විශේෂ නියෝජිතයෙකු සෞදි රජ පවුලේ ඉහළම මට්ටමේ සාමාජිකයෙකු හමුවීමට මීට සති කිහිපයකට පෙර සෞදි බලා පිටත්ව ගොස් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉල්ලීම සලකා බැලූ සෞදි රජු ගල්ගසා මරා දැමීමේ දඩුවම සිරදඩුවමක් ලෙස ලිහිල් කිරීමට අවශය ක්‍රියාමාර්ග ගැනීමට එකගවී ඇති බව පැවසෙනවා.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැඩකටයුතු පිලිබදව ජනාධිපතිවරයා කලකිරීමට පත්වී ඇති බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම මංගල සමරවීර විදේශ ඇමතිවරයා සහ එම අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සදහා ප්‍රමාණවත් අන්දමින් කිසිදු දායකත්වයක් නොදැක්වීමත් විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ අලස ක්‍රියා පිළිවෙතත් ජනපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වුණු බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ගවලින් colombotoday.com වෙත වාර්තා වෙනවා.

Related posts

“ජයලලිතාගේ අභාවය අපට පාඩුවක්“ – විපක්ෂනායක සම්බන්ධන්

colombotoday

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය… ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි

Admin

හිටපු බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්තට නිතිපති සහාය නෑ

Admin

පැලවත්තේ දැවැන්ත විරෝධතාවක්

Admin

17 වැනිදා ගෝල්ෆේස් ආවේ ජනාධිපති මන්දිරයට වැටලීමටයි…

colombotoday