Colombo Today Local News

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

කරුණු තුනකට එකඟ වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනෙකුගෙන් ඉල්ලා සිටි බවත් තමන් ඒ කරුණු තුනම ප්‍රතික්ෂේප කළ බවත් දෙමළ ප්‍රගතිශීලි සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහත් මාධ්‍ය හමුවකදී අද (7) පැවැසීය.

ජනාධිපතිගේ ආරාධනයකට අනුව අද (7) තමා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනා ගිය අවස්ථාවේ මෙම ඉල්ලීම් තුන කළ බව මනෝ ගනේෂන් මහතා කීවේය.

නව ආණ්ඩුව එක්වී සහය දීම ජනාධිපතිගේ පළමු ඉල්ලීම වූ බවත් ඊට එකඟ නොවූ විට පාර්ලිමේන්තුවේ බහුතරය විමසීමේදී ඡන්දය නොදී සිටින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටි බවත් මනෝ ගනේෂන් මහතා පැවැසීය.

තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම එම ඉල්ලීමට එකඟ නොවූ විට එක්සත් ජාතික පෙරමුණ බහුතරය පෙන්වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතා යලි අගමැති ලෙස පත් කිරීමට විරුද්ධ වන්නැයි ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව කීය.

ජනාධිපති ඉදිරිපත් කළ කරුණු තුනම ප්‍රතික්ෂේප කළ තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කරන්නට නොහැකි නම් නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පවත්වා සුදුසු තීරණයක් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

Related posts

දිළිඳුකම මගෙ ඇඟේම තියෙනවා !

colombotoday

පරික්ෂා කලායැයි කෝප වී සිවිල් ආරක්ෂක භටයාට පහර දුන් පොහොට්ටුවේ මන්ත්‍රී බන්ධනාගාර ගත කෙරේ

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

“මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා” – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

colombotoday

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

ජනපති සිංගප්පුර් යනවා යැයි කියන ගුවන් යානය

colombotoday