Colombo Today Local News

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවධාරණය කර තිබෙනවා.

දිවයිනේ සියලූ ප‍්‍රදේශවල කෘෂි අස්වනු අතරමැදියන්ගේ සම්බන්ධයක් නොමැතිව අළෙවි කිරීමේ පහසුව ගොවීන්ටම ඍජුව හිමිවන පසුබිම සැකසීම තුළින් එය ආරම්භ කළ හැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ජීවන වියදම් කමිටුව සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ(14) දින පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීයි.

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිගයකින් තොරව සියලූ ප‍්‍රදේශ වෙත අඛණ්ඩව සැපයීමට ගත යුතු කි‍්‍රයාමාර්ග විධිමත් කිරීම කෙරෙහි ද ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

Related posts

ජනපති දුන් දේශමාන්‍ය සම්මානය ආපසු හරවා එවයි…

colombotoday

වවුචර්පත් අහෝසියි – පාසල් සිසුන්ට යළිත් රෙදි

colombotoday

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

‘ගල්ලෑල්ලෙන් පැන්නේ ආරක්ෂකයෝ නැති වෙලාවක’ – ගැටයා කියයි

colombotoday