Colombo Today Local News

ඡන්දේ කල් දැම්මොත් ලේ වැගිරීම් ඇති වේවි

ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීමට උත්සහාකළහොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනුයි.

ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, එය කිසිලෙසකත් කල්දැමීමට නොහැකි බවයි හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

ජනාධිපතිරණ ඡන්දය අනිවාර්යෙන්ම තියන්න වෙනවා. නොතියා බෑනේ.. කවුද කියන්නේ ඕක කල් යයි කියලා.. ඕක කල් දාන්න බැහැ කිසිසේත්ම.. එහෙමනම් ඉතින් මේ රටේ දහස් ගණනක් ලේ වැගිරීම් ඇතිවේවි.. අනිවාර්යෙන්ම ව්‍යවස්ථාවට අනුව කොහෙත්ම ඡන්දේ කල්දාන්න බැහැ.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සූදානම්.. පක්ෂය කියන්නේ ප්‍රතිපත්ති හා දර්ශනයක්.. ඒවා නැති අයට මේ පක්ෂය දෙන්න බැහැ.. ජනාධිපතිවරණයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් එනවා.. මේ වෙනකොටත් තෝරගෙන තියෙන්නේ අපි…”

Related posts

මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?

colombotoday

“ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලය ඩොලර් 35ට බැහැලා.. ඒ සහනය ජනතාවට දෙනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය

colombotoday

බේරුවල රෝගියා ඇසුරුකළ තවත් ශ්‍රී ලාංකිකයින් 4කට කො‍‍රෝනා. රෝගීන්ගේ සංඛ්‍යාව 214 දක්වා ඉහළට

colombotoday

සෙනසුරාදා සිට විදුලි සැපයුමේ වෙනසක්

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday