Colombo Today Local News

චීන දුම්වැටි එපා – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක්.

චීනයෙන් දුම්වැටි ගෙන්වීම වහා නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරනවා.

එම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙන්වා දෙත්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දුම්කොල ආශ්‍රිත නිෂ්පාදන අධෛර්යමත් කිරීමට සිදුකරන වැඩපිළිවෙලට එය බාධාවක් වන බවයි.

චීනයෙන් දුම්වැටි ගෙන්වීම සිදුනොකරන ලෙසද එම සංවිධානය රජයෙන් ඉල්ලීමක් කළ බවයි වාර්තා වන්නේ.

දුම්කොළ සහ මධ්‍යසාර නිවාරණය කිරීම පිළිබඳ සාර්ථකත්වයක් ලබාගත් ලෝකයේ පළමු රටවල් 15 ට ශ්‍රී ලංකාව ඇතුළත්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එවැනි තත්ත්වයක් තුළ චීනයෙන් දුම්වැටි ගෙන්වීම රටට යහපත් නොවන බවයි එම සංවිධානය අවධාරණය කළේ.

Related posts

“ඔලුවෙ ඉදන් වහගෙන අමුතු ජාතියක් වෙන්න හදනවා.. ජාතික සමගිය නැති කරන්නේ මේ අයයි” – ඇමති චන්දිම

colombotoday

කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති ඝාතනය කළේ කටේ පාන්කඩ ඔබලා.. ඝාතනයේ සුල මුල හෙළි වෙයි.

colombotoday

සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන් කිරීමට තීරනයක්

Admin

අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

ඇවන්ගාඩ් නඩුව කල් යයි – ගෝඨාගේ තහනම ඉවතට

colombotoday

IMF කමිටු අනුමැතිය ලබාදීම ගැන අවසන් තීරණය අද

Admin