Colombo Today Local News

චීනය කොරෝනා මර්ධනයට එන්නතක් සොයාගනී !

චීනයේ ප්‍රමුඛතම සරසවියක් වන ටිසින්හුවා (Tsinghua university) විසින් නව කොරෝනා වෛරසය මර්දනය කළ හැකි එන්නතක් වැඩි දියුණු කරමින් සිටින බව චීනයේ ෂිංහුවා (Xinhuwa) පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර එරට ප්‍රාදේශීය පුවත්පතක් වන හුබෙයි ඩේලි (Hubei Daily) වාර්තා කරන්නේ වෛරසයට යම් තරමකින් බලපෑම් එල්ල කළ හැකි ඖෂධ වර්ග තුනක් පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති බවයි.

ටිසින්ග්හුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ පර්යේෂණ කණ්ඩායම් ප්‍රධානී මහාචාර්ය සැන්ග් ලින්ගි (zhang lingi) සඳහන් කර ඇත්තේ නව කොරෝනා වෛරසයට එරෙහිව දැනට සංවර්ධනය කරමින් පවතින එන්නත ඉතාම ඉක්මනින් ප්‍රතිඵලදායක වනු ඇති බවයි. එසේම නව කොරෝනා වෛසරයට එරෙහිව එන්නතක් නිර්මාණය කිරීම එච්.අයි.වී. (HIV) වෛරසයට එරෙහි එන්නතක් නිර්මාණය කිරීමට වඩා අතිශය පහසු කටයුත්තක් බවද මහාචාර්යවරයා පවසා ඇත. එච්.අයි.වී. මෙන් නොව කොරෝනා ආසාදිතයන් බොහෝමයක් ඉක්මනින් සුවය ලබන අතර ඉන් පෙන්නුම් කරන්නේ මිනිස් සිරුරට මෙම වෛරසයට එරෙහිව ප්‍රබල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් දැක්විය හැකි බව යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. සාර්ස් (SARS) සහ මර්ස් (MERS) යන මාරාන්තික වෛරස පැරදවීම සඳහා එන්නත් නිපදවීමේ ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කිරීමේදී සැන්ග් ලින්ක් මහාචාර්යවරයා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමට විශාල මෙහෙයක් ඉටු කර ඇත.

මේ අතර හුබෙයි ඩේලි පුවත්පත වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ චීන විද්‍යා ඇකඩමිය සහ වූහාන් වෛරස් විද්‍යා ආයතනය ඒකාබද්ධව වෛසරයට යම් පමණක බලපෑමක් එල්ල කළ හැකි ඖෂධ 03ක් නිපදවා ඇති බවයි. එම ඖෂධ භාවිතය සඳහා අවසර ලබා ගැනීම පිණිස මධ්‍යම රජයේ සෞඛ්‍ය අංශ වෙත යොමු කර ඇති බවද හුබෙයි ඩේලි පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

Related posts

පාඩුයි කියා ලොතරැයි මණඩල දෙකත් විකුණන්න යයි !

colombotoday

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම කාලසටහනකට..

Admin

විමසිල්ලෙන් ඉන්න – නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත්

Admin