Colombo Today Local News

චීනයේ ලාංකික සිසුන් 150ක් ප්‍රථම අදියරේ ගෙන්විම ඉදිරි පැය 48 ඇතුළත

කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුආන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  උපදෙස් දි තිබේ.

මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙලක්  දියත් කර ඇත.

වූහාන් ප්‍රාන්තයට පිවිසීම හා ඉන් පිටවීම චීන බලධාරින් විසින් දැනට තහනම් කර තිබේ. තහනම ඉවත් කළ වහාම එහි වෙසෙන සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධිවිධාන සලසා ඇත.

සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ වෙසෙන සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගැනිමට පියවර ගෙන ඇත. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට සැලසුම් කර ඇතැයි ද විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

නැනින්හි සිටින තවත් සිසුන් 30 දනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී තිබේ. ඔවුන් ද කඩිනමින් ගෙන්වා ගනු ලැබේ.

චිනයේ පුරා විසිර සිටින සියලු සිසුන් හා ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව ද විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් අර්යසිංහ මහතා පවසයි.

තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සන්නිවේදනය  We chat භාවිතයෙන් සිදු කෙරේ. චීනයේ සිට ශ්‍රි ලංකාවට එන සියලුම දෙනා ගුවන් තොටුපොළේ සිට නිරෝධායන  ක්‍රියාවලියට ලක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

යම් අයෙකු උණ රෝග තත්ත්වයෙන් පෙළෙන බවට හඳුනාගනු ලැබුවහොත් ඔවුන් අයිඩීඑච් රෝහලට යොමු කෙරේ. එවැනි අයගේ රුධිර සහ මූත්‍රා සම්පල බොරැල්ලේ  වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරෙනු ඇත.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සියලුම සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කර තිබේ.

රෝග නිරීක්ෂණ හැකියාව වෛද්‍ය පර්යේෂණායතනය සතුව පවතී. යම් හෙයකින් වෛද්‍ය උපකරණ හෝ රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගුවන් මගින් ගෙන්වා ගැනීමට  උපදෙස් ලැබුණු බව ද වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

Related posts

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Admin

ක්ෂේත්‍ර කිහිපයකට ලැබෙන අයවැයේ කොවිඩ් සහන මෙන්න

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා යලි අරඔයි

colombotoday

මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ – ෆොන්සේකාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

රනිල් – මෝදි ගිවිසුමට අත්සන් තබයි.. ලංකාවේ ඉන්දියානු ක්‍රියාකාරකම් ගැන එකගතාවකට එයි !

colombotoday

අධිකරණය ගැන ලොකු කතා කී නීතීඥ සුගන්ධිකා අධිකරණයට නුසුදුසු ඇදුමක් ඇදන් ගිහින්.. විනිසුරුගෙන් දැඩි අවවාද.. නඩුවලට පෙනී නොසිටම ආපසු ගිහින්

colombotoday