Colombo Today Local News

චීනයෙන් සල්ලි අරන් ඡන්දය කිරීම මහා පාවාදීමක්.. මහින්ද යනු දෙවන දොන් ජුවන් ධර්මපාලයි – පුරවැසි බලය

මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් චීනයෙන් අති විශාල මුදලක් අල්ලස් ගෙන ‍ෙදාන් ජුවන් ධර්මපාල සිදු කළ ඓතිහාසික පාවාදීමට නොදෙවැනි පාවාදීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිදුකර තිබෙන බව පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

බැඳුම්කර වංචාවට අදාළව ජනාධිපති කොමිසමක් පත්කොට දූෂිතයන් හෙළි කළ ආකාරයට මෙම වංචාවට අදාළවද කොමිසමක් පත්කොට සියල්ල රටට හෙළි කරන ලෙසද එම සංවිධානය හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

පුරවැසි සංවිධාන එකමුතුව පසුගියදා (29දා) මරදාන පිහිටි සී.එස්.ආර්. ශාලාවේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා,

‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත හෙළි කරපු කාරණාවලින් මහින්ද රාජපක්‍ෂගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඩොලර් මිලියන 7.6ක් වියදම් කරලා තියෙනවා. ඒක රුපියල්වලින් බැලුවොත් කෝටි 121ක්. අති දැවැන්ත මුදලක් මේක අපේ රටට දරන්න පුළුවන් ණය මුදලක් නෙවෙයි. මහ පොළොව ඉඹගෙන පපුවටත් අත් දෙකෙන් ගහගෙන පන්සලක් ගාණේ ගිහින් හාමුදුරුවන් ළඟ දණින් වැටිලා දේශප්‍රේමීත්වය වෙනුවෙන් කතා කරපු මහින්ද රාජපක්‍ෂ අල්ලසක් විදියට මේ මුදල අරගෙන.

සාරි ගන්නයි, යට ඇඳුම් ගන්නයි, සිල් රෙදි ගන්නයි, කෑම බීමවලටයි ඒ මුදල් වියදම් කරලා තියෙන්නේ. එහෙම තමයි මැතිවරණ ව්‍යාපාර කළේ. 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය ගෙනියන කොට රියන් ගණන් උස කටවුට් එල්ලුවේ ඒ මුදල්වලින්. එහෙම කරලා තියෙන්නේ රට පාවාදීලා. ‍ෙදාන් ජුවන් ධර්මපාල අංක දෙක තමයි මේක.

ඒ වගේම තමයි ෂැංග්‍රිලා හෝටලය හදන්න චීනයට ඒ ඉඩම සින්නක්කරේටම දීලා තියෙන්නේ. චීනයේ ආධිපත්‍යයට සම්පූර්ණයෙන්ම යටත් වුණු භූමි ප්‍රදේශයක් ඒක. දේශප්‍රේමීත්වය අංශු මාත්‍රයක්වත් තියෙනවා නම් එහෙම වැඩක් කරන්නේ නැහැ.

චීනය සමඟ ඉදිරියේදී කටයුතු කරනවාද නැද්ද කියලා වත්මන් ආණ්ඩුව සිතා බැලිය යුතුයි. අපි ආණ්ඩුවට කියනවා චීනයත් සමඟ මේ ගනුදෙනුව පිළිබඳව නිරාකරණය කර ගන්න කියලා. චීනය මේ විදියට අපේ ස්වාධීනත්වයට අත පොවන්න එනවා නම් එය කෙතරම් බලසම්පන්න රටක් වුණත් අපි එය හෙළා දැකිය යුතුයි.

නිව්යෝර්ක් ටයිම්ස් පත්තරය කියන්නේ ලෝක කීර්තියක් අත්පත් කරගත් පත්තරයක්. ඔවුන් ගවේෂණාත්මක වාර්තා ලියන්නේ. ඕනි නම් මේ චූදිතයන්ට පුළුවන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අභියෝගයට ලක් කරලා වන්දි ඉල්ලන්න පුළුවන්. චයිනා හාබර් සමාගම බංග්ලාදේශය, නේපාලය, පිලිපීනය කියන රටවල් තහනම් කරලා තියෙන්නේ. ලෝකය පුරාම මුන් හොරකම් කරලා තියෙනවා.

ඩොලර් මිලියන තිස්අට දාහක් දීලා තියෙන අපේ රටේ භික්‍ෂුව. ඒ භික්‍ෂුව කවුද කියලා අපි හැමෝම දන්නවා. ඒ භික්‍ෂුව තමයි යුද්ධය කාලෙ ලිව්වේ ‘සතුරා මැරීම නිවනට මාර්ගයයි’ කියලා සින්දුවක් ලිව්වා. ඒ භික්‍ෂුව තමයි ඩොලර් තිස්අට දාහක අල්ලසක් අරගෙන තියෙන්නේ.

ආණ්ඩුව දැනගෙන හිටියා ඩොලර් මිලියන 7.6ක් මහින්ද රාජපක්‍ෂ අරගෙන කියලා. මේ කාරණාව අපෙන් හැංගුවේ ඇයි කියලා. අපි අහනවා ඇයි ජනතාවට කොළේ වහලා මේ පරීක්‍ෂණ කරන්නේ කියලා.”

Related posts

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

colombotoday

ඉන්ධන – ගෑස් හෝ වෙනත් පෝලිම් මඟහැර යන්න මැති ඇමැතිවරුන්ට උපදෙස්. 70 ක් වාහනවල “මන්ත්‍රී ලාංඡනය” ඉවත් කරගෙන

colombotoday

ලබන ජනවාරියේ සිට අධිකරණ ක්ෂේත්‍රයේ සියළුදෙනාගේ පඩි වැඩි කරනවා – අධිකරණ ඇමතිනී

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

අන්තර්ජාලය හරහා වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් කාත්තන්කුඩිදී TID අත්අඩංගුවට

colombotoday

මාර්ග අවහිර කිරීමෙන් බස් රථ රියදුරන්ටත් සේවයට යන්න බැරි වෙයි… අදත් බස් ධාවනයේ අඩුවක්

colombotoday