Colombo Today Local News

ඝාතන කුමන්ත්‍රණ කෙසේ වෙතත් ගෝඨාභයට ආරක්‍ෂාව දිය යුතුයි… – එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවශ්‍ය ආරක්‍ෂාව ලබාදිය යුතු බව ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පෙරේදා (22 වැනිදා) ප්‍රකාශ කළේය.

දඬුගම ප්‍රදේශයේ පරිගණක නිර්මාණ පුහුණු පාසලක පෙරේදා (22 වැනිදා) විවෘත කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම එසේ ප්‍රකාශ කළේය.

මෙම පරිගණක නිර්මාණ පාසලක්‌ ජාඇල ප්‍රදේශයේ ආරම්භ වීම පිළිබඳව සතුට පළ කළ කාවින්ද ජයවර්ධන මහතා මෙසේද පැවසීය.

අද මාධ්‍ය හරි ප්‍රබලයි. කතා කළ යුතු දේ ප්‍රවේසමින් කළ යුතුව තිබෙනවා. මේ ළඟදී රටේ මහත් ආන්දොaලනයට තුඩුදුන් මෙම මරණ කුමන්ත්‍රණය යටපත් වෙන්නේ නැහැ. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතුව තිබෙන ආරක්‍ෂාව අපි ලබා දෙනවා.

වගකිවයුතු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු මෙවැනි ප්‍රකාශයක්‌ කර තිබේ නම් ඔහුට තරාතිරම නොබලා අපි දඬුවම් ලබාදිය යුතුයි. ඒත් තාමත් ඒ ගැන විශාල ලෙසින් පරීක්‍ෂා කරගෙන යනවා.

මේ අනුව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යනවා. එක දවසෙන් දෙකෙන් කුමන්ත්‍රණ කතාවේ සැබෑ තත්ත්වය හෙළි කරන්න බැහැ. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන් අද තවත් මාතෘකාවක්‌ වෙලා තිබෙනවා. අර්ජුන කොහේ ගියත් අපි ඔහුව නීතියේ රැහැනට කොටුකර ගන්නවා.

අපේ රටේ ඒ ඒ කාල සීමාවන් තුළ පොලිස්‌පතිවරු සේවය කරලා තිබෙනවා. ඔවුන්ගෙන් සමහරුන්ට විවිධ චෝදනා පවා තිබුණා. මත්කුඩු පිළිබඳව පවා එක්‌ අයෙකුට චෝදනා තිබුණා මතකයි.

වත්මන් පොලිස්‌පතිතුමාට නිකරුණේ චෝදනා කරන්න බැහැ. ඒත් අපි අද තත්ත්වය අනුව පරීක්‍ෂණ පවත්වනවා.

මෙම උත්සවයට මහා සංඝරත්නය සහ කතෝලික සභාව නියෝජනය කරමින් පූජාප්‍රසාදිවරයකු, සහෝදරතුමෙකුද සහභාගි වූ අතර බුද්ධික මිහිපති මහතා උත්සව සංවිධානය භාරව ක්‍රියාකර තිබුණි.

හිටපු ඇමැතිවරයකු වූ ෆීලික්‌ස්‌ පෙරේරා මහතා සහ පළාත් සභාපති වරයකු වූ යූ. ජෝර්ඡ් පෙරේරා මහතා ඇතුළු තවත් ආරාධිත අමුත්තන් රැසක්‌ සහ පාසල් දරු දැරියෝද සහභාගි වූහ.

 

Related posts

BBC සංදේශයට එරෙහිව දිලිත් ජයවීර ගොනු කළ අපහාස වන්දි නඩුව නිෂ්ප්‍රභයි.

colombotoday

මේ රටේ තියෙන්නේ භික්ෂු හමුදාවක් – ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

අස්වැසුම තවත් ප්‍රතිලාභීන් ලක්ෂ 6කට මුදල් හෙට

Admin

මඩකලපුවේ මුස්ලිම් පල්ලියකට ‘තව්හීද් ජමාත්‘ පහර දෙයි

colombotoday

මහින්ද රාජපක්ෂව පියන් කෙනෙක් කරන්න අලි සබ්‍රිට තියෙන අයිතිය මොකද්ද

colombotoday

බෙදුම්වාදී ඊළාම් ඩයස්පොරාවට වඩා ශක්තිමත් සිංහල ඩයස්පොරාවක් දැන් ඉන්නව – බෙංගමුවේ නාලක හිමි

colombotoday