Colombo Today Local News

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති මෛත්‍රී ඉන්දීය අගමැති මෝදිට දුරකථනයෙන් අමතයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ(17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් විය.

මෙහි දී නායකයන් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ ද එහි දී සාකච්ඡාවට බඳුන් විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේ දී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මහතා මෙහි දී සඳහන් කළ අතර, අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමඟ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වඩා මිත්‍රශීලි සහ සමීප සබඳතාවන් ගොඩනඟා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ද සතුට පළ කළේය.

සමීප මිතුරකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඇගැයීමට ලක් කෙරිණි.

Related posts

‘මාෂා අල්ලා‘ ට ධර්ම චක්‍රය ඇලජික්..!! රාජ්‍ය ලාංඡනය විකෘති කර හිනා මූණක් ඔබලා…

colombotoday

කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්නක්. ගින්න නිවීම සඳහා ගිනිනිවීම් රථ පිටත් කර හැරේ. – ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව (වීඩියෝ සහිතයි)

colombotoday

මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

colombotoday

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නිසා “පෙන්ෂන්“ එක කැන්සල් වන මන්ත්‍රීන් 58 දෙනා මෙන්න…

colombotoday

මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි…

colombotoday