Colombo Today Local News

ඝාතන කුමන්ත්‍රණයට “රෝ“ සම්බන්ධ බව ජනපති කැබිනට් මණ්ඩලයේදී කීවා… හිටපු අගමැති රනිල් ඉන්දීය මාධ්‍යට කියයි

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සම්බන්ධ බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ඉඟි පල කළ බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීයාවේ NDTVරූපවාහිනී නාලිකාව සමඟ අද(01) විශේෂ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අගමැති ධුරයෙන් ඉවත් කර තිබිය දීත් තවමත් අග්‍රාමාත්‍ය නිල නිවසේ රැඳී සිටින්නේ ඇයි යනුවෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, තමා තවමත් අගමැති බවත් ව්‍යවස්ථාව අනුව වැඩි විශ්වාසයක් ඇති අගමැති තමා බවත්ය.

එවිට මහින්ද රාජපක්ෂ මහතා කවුරුන්ද යන්න පිළිබඳ විමසූ  විට රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, තමා ඔහුව පත් කර ඇති බව දැන ගත් බවයි.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට සම්බන්ධ වී ඇති බැවින් තමාව ධුරයෙන් ඉවත් කළ බව කියා සිටියා නේද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර වාර්තාව ජනපති අතට ලබා දෙන මෙන් කියා සිටි නමුත් කිසිදු මැදිහත් වීමක් තමා සිදු නොකළ බවයි.

එසේ නම් ජනාධිපතිවරයා මෙවැනි තීරණයක් ගත්තේ කුමක් නිසා දැයි අසන ලද පැනයට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, පක්ෂය එකතු කිරීමට ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර, පසුගිය සති කිහිපයේ බොහෝ සාකච්ඡා ඇතිවු බවයි.

Related posts

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday

උදෑසන රැස්වීමට ආ බඹරුන් සිසුන් 45ක් රෝහලේ නවතයි. ගුරුවරයකුට අසාධ්‍යයි

colombotoday

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට

Admin

එකමුතුව වෙනුවෙන් බෞද්ධ හිංදු සම්මන්ත්‍රණයක්

colombotoday

අද දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු.

colombotoday

ආගමික කටයුතු හා නිදහසේ කාලය ගතකිරීමට පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කෙරේ

Admin