හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනැයි වයඹ පලාත් ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැකව ජිනරතන හිමියන් විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා කුරුණෑගල පැවති දානමය පින්කමකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී උන් වහන්සේ විසින් මෙම ඉල්ලීම කලහ.
ඉදිරි ජනාධිපතිවරණයේදී රටම පිලි ගන්නා, අටම ආදරය කරන ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි පුද්ගලයෙක් අවශ්‍ය බවත් ඒ තීන්දුව ගැනීම මහින්ද රාජපක්ෂ මහතාට පහර දී තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ඊට එහා කිසිදු විකල්පයක් නැති වවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනීම ඒකාන්ත බවත් උන්වහන්සේ පැවසූහ.