Colombo Today Local News

ගෝඨාට එරෙහිව කැලිෆෝනියා අධිකරණයට පැමිණිලි 10ක්

පුද්ගලයන් දසදෙනකු විසින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්ත මධ්‍යම දිස්ති‍්‍රක් අධිකරණයට පැමිණිලි දහයක් ඉදිරිපත් කර තිබේ.

දෙමළ ජාතිකයන් අට දෙනකුගෙන් සහ සිංහල ජාතිකයන් දෙදෙනකුගෙන් සමන්විත මෙම පිරිස පෙරේදා (26 වැනිදා* අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය නම් වූ නීති සමාගමක් හරහා මෙම පැමිණිලි කැලිෆෝනියා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි ඉකුත් 2005-2015 අතර කාලයේ සිදු වූ බව කියන සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඉකුත් අපේ‍්‍රල් මාසයේදීද මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය සහ තවත් පුද්ගලයන් දෙදෙනකු විසින් මේ අන්දමට ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකානු අධිකරණයකට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.

Related posts

“අස්ගිරි නිවේදනය හරියටම හරි.. එය හිස් මුදුණින්ම පිළිගන්නවා“ – ගාලු මහා සංඝ සභාව

colombotoday

පරිසර රාජ්‍ය ඇමති අත්අඩංගුවට ගැනීමට නියෝග !

colombotoday

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

කොවිඩ් රෝග ලක්‍ෂණ පෙන්වන දරුවන් පාසල් යවන්න එපා

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉහළම තැනක සැළසුම් !

colombotoday

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කරයි – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday