Colombo Today Local News

ගිනිගත් නැවට ඇතුළුවී තෙල් සාම්පල ගන්න අධිකරණයෙන් අවසර

ශ‍්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව තුළ ඇති ඉන්ධන සාම්පල ලබාගෙන විමර්ශනයක් සිදුකිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියට අද අවසර ලබා දී තිබෙනවා. ඒ, මීට අදාළ පැමිණිල්ලක් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ අදාළ නෞකාව තුළ බොරතෙල් මෙටි‍්‍රික් ටොන් දෙලක්‍ෂ 70,000 ක් වැනි විශාල ප‍්‍රමාණයක් අන්තර්ගතව තිබූ බවයි. අදාළ නැවේ ගින්න මේ වන විට ශ‍්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් නිවා දමා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ගින්න ඇතිවූ අවස්ථාවේ දී නෞකාවේ සේවයේ නියුතු නාවිකයින් ඒ පිළිබඳ වගකිවයුතු බලධාරී ආයතන වෙත දැනුවත් කිරීමේ වගකීම පැහැර හැර ඇති බවට විමර්ශනවලින් පෙනී යන්නේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළා. මෙවැනි ගින්නක් නෞකාව තුළ ඇති වූ අවස්ථාවක වහා ක‍්‍රියාත්මක විය යුතු ස්වයංක‍්‍රීය ගිනි මැඩලීමේ ක‍්‍රමවේදය ඔවුන් විසින් ක‍්‍රියාවට නංවා නොමැති බව ද පෙනී යන්නේ යැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ පැවසුවේ දැනට මුහුදු ජලය හා මිශ‍්‍ර වී ඇති ඉන්ධන, ගිනි ගැනීමට ලක්වූ නෞකාවෙන් කාන්දු වූ තෙල් බවට සනාථ කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවයි. ඒ සඳහා අදාළ නෞකාව තුළ ඇති ඉන්ධන සාම්පල ලබා ගැනීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට අවසර ලබා දෙන ලෙසයි මෙහිදී ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න, විමර්ශන කටයුතු සඳහා ගිනි ගැනීමට ලක් වූ නෞකාව තුළ තිබෙන ඉන්ධන සම්පල ලබා ගැනීමට අධිකාරියේ සභාපතිනිය වෙත අවසර ලබාදුන්නා.

Related posts

2017 දේශපාලන සැලසුම මහින්ද හෙළිකරයි

colombotoday

උද්දමනය පහලට

Admin

කාලෝට අවමගුල් උලෙළක් නෑ, දේහය වෛද්‍ය විද්‍යාලයට !

colombotoday

චීනයේ නැවතත් කොවිඩ් පැතිරෙයි ප්‍රදේශ 30 ක් වසා දැමීමට පියවර

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

කොළඹ විශ්වවිද්‍යාල සමීක්ෂණයෙන් ගෝඨා ඉදිරියෙන්… දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල සමීක්ෂණ මෙන්න…

colombotoday