Colombo Today Local News

ගාල්ලේ පුංචි මන්ත්‍රී ගොඩම මහින්දට.. ශ්‍රිලනිප යත් අතහරින්න සූදානම්

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන නියෝජිතයන් 152 දෙනාගෙන් 130 දෙනෙකු පමණ ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග නොකරන බව ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදයේ කැඳවුම්කරු අක්මීමණ ප්‍රාදේශීය සභාවේ හිටපු සන්ධාන මන්ත්‍රී සේන කළහේවත්ත මහතා පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ගාල්ල, කච්චුවත්ත විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කළහේවත්ත මහතා,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ඩාලි පාරේ තියෙන පක්ෂ බෝඩ් ලෑල්ල නෙවෙයි. යහපාලන ආණ්ඩුවෙ ඇමති ධුරගත් අපේ ඇමතිවරු සංවර්ධන කටයුතු සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන බව කියමින් අපේ හිටපු පළාත් පාලන නියෝජිතයන් ඔවුන්ගේ මතයට නම්මවා ගැනීමට කටයුතු කරනවා. ඒත් හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ බහුතරයක් ඉන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමගයි.” යැයි පැවසීය.

Related posts

එකම පවුලේ තිදෙනෙක් කොවිඩ් ආසදිතව මියයයි

colombotoday

දිස්ත්‍රික්ක 4ක ඇඳිරිය දීර්ඝ කරයි. සෙනසුරාදා ඉරිදා ලංකාවටම ඇඳිරිනීතිය.

colombotoday

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday

මහපොළ සංශෝධන පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

colombotoday

කොවිඩ් මළ සිරුර ඉවත්කර ගන්නා තුරු කරාපිටිය රෝහල අධිකරණ වෛද්‍ය කටයුතු වලින් ඉවත්වෙයි.

colombotoday