Colombo Today Local News

ගානියා, ශානි සහ නිශාන්තට එරෙහිව පියවර ගැනීම ගැන ජිනීවා වෙත පැමිණිල්ලක්

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකා ගානියා ප‍්‍රැන්සිස් අත්අඩංගුවට ගැනීම, රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට එරෙහිව කි‍්‍රයාකිරීම සහ පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වාට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා ඊයේ (13 දා) ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

ඇය මෙම පැමිණිල්ලේ තවදුරටත් දක්වා ඇත්තේ විශේෂ කාර්ය බළකාය, රහස් පොලිස් මූලස්ථානයට කඩවැදී පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා පරීක්‍ෂණ පැවැත්වූ නඩුවල ලිපිගොනු සෙවීමේ යෙදුණු බවයි.

එහෙත් විශේෂ කාර්ය බළකාය රහස් පොලිසියට කඩාවැදී නැත.

එසේම පිටු 15 ක පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් පැහැර ගැනීමකට ලක්වී ඇති බවත් ඇගේ දුරකථනයේ තිබූ රහස් දත්ත රජයේ බලධාරීන් ලබාගැනීම නිසා ස්විස්ටර්ලන්තයේ රැුකවරණ පැතුවන් බරපතල දුෂ්කරතාවකට ලක්වී ඇති බවත් සඳහන් කර ඇත.

වත්මන් රජය හමුදාකරණය දියත්කර රජයට එරෙහි පාර්ශ්ව මර්දනය කරන බවද යස්මින් සුකා වැඩිදුරටත් එම පැමිණිල්ලේ දක්වා තිබේ.

Related posts

ජාති, ආගම් බේද ඇතිකරන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති

colombotoday

සේරුවිල ප්‍රාදේශීය සභාවේ ගැටුමෙන් මාස දෙකක මන්ත්‍රී දීමනාව නවතී

colombotoday

රාජ්‍ය ආයතන නිලධාරින්ගේ වැටුප් වාර දෙකකට

Admin

අපේ ආණ්ඩුව ඇවිත් මාස තුනෙන් මහ හොරකමක් කළ බව ලෝකෙම පිළිගන්නවා… රන්ජන් තිත්ත ඇත්ත කියයි

colombotoday

මැදමුලන රාජපක්ෂ සමාධියටත් FCID පනී

colombotoday

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් 32කට කොරෝනා

colombotoday