Colombo Today Local News

ගව මස් කෑම අපේ මූලික අයිතියක්.. සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකල යුතුයි..

මෙරට ගව ඝාතනය තහනම් කලහොත් ගැටළු රාශියක් උද්ගත වන බව ප්‍රවාහන හා සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ සභාපති කුලරාජ් පෙරේරා මහතා සඳහන් කරයි.

මෙරට ගවපට්ටි වලින් වැඩිපුර සිටින්නේ පිරිමි සතුන් නිසා ඔවුන් ඝාතනය නොකරන්නේ නම් එම සතුන් සම්බන්ධයෙන් වැඩපිලිවෙලක් තිබිය යුතු බව ඔහු පවසයි.

එනිසා මෙම සතුන් මානුෂීය ලෙස ඝාතනය කළ හැකි ඝාතකාගාරයක් ඉදි කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

සත්ව හිංසාවෙන් තොරව ගවයන් ඝාතනය කළ හැකි නිසි ක්‍රමවේද සහිත ඝාතකාගාර ඉදි කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

එසේ නොකළහොත් කිරි ගොවීන්ට මරු පහරක් වනු ඇති බවත් මෙම පිරිමි සතුන් රටට මහා බරක් කුණු ඇති බවත් ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම මාධ්‍ය හමුව අමතමින් එහි පාලක ලේකම්වරයා කියා සිටියේ වස විස නැතිව ආහාරයට ගත හැකි එකම මස් හරක් මස් බවත් එය තහනම් කිරීමෙන් මිනිසුන් සිය මූලික අයිතිවාසිකමක් නැති වන බවත්ය.

ජනතාවට ගව මස් කෑමට අයිතියක් තිබෙන බවත් මෙම තීරණය නවත්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියේය.

Related posts

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

දිනේශ් ශාෆ්ටර්ගේ මළ සිරුර ගොඩ ගනී

Admin

IMF දෙවැනි වාරිකය ලැබීම ආයෝජකයන්ට ධනාත්මක පණිවිඩයක් – මුදල් රාජ්‍ය ඇමති කියයි

Admin

උපයෝගීතා කොමිසම විදුලි බිල අඩුකරන්න අවසර දුන්නත් මණ්ඩලය බෑ කියයි

Admin

“චීනයට තව අක්කර 1000ක් දෙනවා.. රට දියුණු කරන්න පෝට් සිටිය නැතිවම බෑ” – අගමැති

colombotoday